Category

Category: ආර්ථික

ආර්ථික

නව සමාජ පරිවර්තනයක් උදෙසා නිෂ්පාදන ආර්ථිකයක්

ආර්ථිකය අර්බුදයක ඇති බවත්, එයින් ගොඩයාමට සැබෑ ආර්ථික පරිවර්තයක් අවශ්‍ය බවත්, නව කාර්මීකරණයකට යොමු වූ නිෂ්පාදන ආර්ථික දැක්මක අවශ්‍යතාව හා නිෂ්පාදන ආර්ථිකයක් යනු කුමක්ද යන්න පිලිබඳවත්  විවිද කතා බහ නිර්මාණය  වී ඇති පරිසරයක,  ඒ  පිලිබඳ යම් විග්‍රහයක් කිරීමත් එම තත්වයන් හමුවේ ජාතික ජන බලවේගයේ ආර්ථික දැක්මේ මුලික හරය කුමක්ද යන්නත් පැහැදිලි කිරීම මෙම ලිපියේ අරමුණයි.

Read More
ආර්ථික

මුදල්, හා මායාකාරී ප්‍රාග්ධනය හමුවේ සැබෑ ආර්ථික වර්ධනයක් සඳහා ප්‍රවේශයක්

මුදල්, එහි ක්‍රියාකාරීත්වය, මායාකාරී  ප්‍රාග්ධනය ආර්ථිකය හා බැදී ඇති ආකාරය පිලිබඳ මූලික විග්‍රහයක් කිරීම මෙම ලිපියෙහි අරමුණයි. මුදල් යනු කුමක්ද? සරලව එය වෙළඳාමට අදාළව භාණ්ඩ හා සේවා  හුවමාරු මාධ්‍යයක් ලෙස හඳුනාගත හැකි වුවද වර්තමානය වන විට  එය වෙළඳ භාණ්ඩයක් (Commodity) ලෙසද ක්‍රියා කරයි. මුදල් භාවිත කිරීම සඳහා ගෙවන මිල පොලියයි (Interest). අතීතයේදී  රත්තරන්, රිදී  හා වෙනත් ලෝහ වර්ග මුදල් ලෙස භාවිත කළ අතර අද වන විට තාක්ෂණය විසින් හසුරවන අත්‍යතය (virtual/digital currencies) මුදල් දක්වා එය වර්ධනය වී ඇත. භාණ්ඩ හා සේවා නිෂ්පාදනයත් ඒවා විවිධ වෙළඳපළවල් හරහා බෙදාහැරීමේ ක්‍රියාවලියත් ආර්ථිකයක් සරලව නිර්වචනය කල හැක. මූලික අවධියේදී භාණ්ඩ හා සේවා නිෂ්පාදනය සඳහා මුදල් අවශ්‍ය වූයේ නැත. ශ්‍රමය මූලික කරගෙන පළමුවෙන් නිෂ්පාදනය සිදු වූ අතර නිෂ්පාදනයෙන් වැඩි කොටසක්  දේපළ හිමියන් හා හාමු පුතුන් අතට පත්විය.

Read More
ආර්ථික

සමාජ වෙළඳපොල ආර්ථිකයේ උභතෝකෝටිකය – නැගෙනහිර ආසියානු සංවර්ධන අත්දැකීම ඇසුරින් (දෙවන කොටස)

ආර්ථික සංවර්ධනය සඳහා රාජ්‍ය මූලික ප්‍රවේශයක් වන "සංවර්ධනීය රාජ්‍යවාදය" (developmental statism) නැගෙනහිර ආසියාවේ කැපී පෙනෙන සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබෙන අතර නිදහස් වෙළඳපල ධනවාදය සමාජ සුභසාධන ප්‍රතිපත්ති සමඟ ඒකාබද්ධ කරන, සමාජ වෙළඳපල ආර්ථිකය හරහා බොහෝ විට ඌන සංවර්ධිත රටවල ඒ හා සමාන සාර්ථකත්වයක් අත්කර ගැනීමට අසමත් වී ඇති බව පෙනී යයි . මෙම රචනය "සංවර්ධනීය රාජ්‍යවාදය" ඉදිරිදර්ශනය හරහා නැගෙනහිර ආසියානු ආර්ථිකයේ සාර්ථකත්වයන් ගවේෂණය කරන අතර ඌන සංවර්ධිත සන්දර්භයන් තුළ සංසන්දනාත්මක ප්‍රගතියක් ඇති කර ගැනීමේදී, සමාජ වෙළඳපල ආර්ථිකයේ සීමාවන් විමර්ශනය කෙරේ.

Read More
ආර්ථික

සමාජ වෙළඳපොල ආර්ථිකයේ උභතෝකෝටිකය – නැගෙනහිර ආසියානු සංවර්ධන අත්දැකීම ඇසුරින් විවේචනයක් (පළමු කොටස)

ශ්‍රී ලංකාව සිරවී ඇති ණය උගුලෙන් ගැලවී රට තිරසාර සංවර්ධනයේ දිසාවට සේන්දු කිරීම සඳහා සමගි ජන බලවේගය නිශ්චිත සැලැස්මක් ඉදිරිපත් කර තිබේ. සමාජ වෙළඳපොල ආර්ථික ප්‍රතිපත්තිය ලෙස නාමකරණය කරන ලද මෙම ආර්ථික ප්‍රතිපත්තිය මුලික වශයෙන් 1970 දශකයේ එක්සත් ජාතික පක්ෂය මෙරටට හදුන්වාදුන් නිර්බාධිකරණ ආර්ථික ප්‍රතිපත්තියම (නව ලිබරල් සමාජ ආර්ථික වැඩපිළිවෙල) වෙනත් ආකාරයකට ඉදිරිපත් කිරීමක් මිස වෙනත් යමක් නොවේ. ඔවුන් විශ්වාස කරන ආකාරයට ප්‍රමාද නොවී පරිපුර්ණ ලෙස මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කර තිබුණේ නම්, රටට මෙවන්වූ විනාශයක් සිදුවන්නේ නැත.

Read More
ආර්ථික

අන්තර්ජාතික සංවර්ධනය ගැන නව සමාජවාදී න්‍යායක අවශ්‍යතාවය

කෙසේ වුවද, 1980 ගණන් වන විට, නව අන්තර්ජාතික ආර්ථික පර්යාය ව්‍යාපෘතිය යට කරමින් නව ලිබරල් ගෝලීයකරණය ඉදිරියට ආවේය. සංවර්ධනය සඳහා අරමුදල් හා න්‍යාය සපයන ආයතනය ලෙස ලෝක බැංකුව ඉස්මතු විය. කෙසේ වුව ද, ගෝලීය දකුණේ රටවල් මුහුණ දී සිටින වර්තමාන ඛේදවාචකය විසින් පෙන්නුම් කරන්නේ, නව ලිබරල් ගෝලීයකරණය විසින් ලබා දුන් සංවර්ධනය පිලිබඳ ප්‍රතිඥාව පුස්සක් බවට පත්වී තිබෙන බව ය.

Read More
ආර්ථික

අපනයන-කේන්ද්‍රීය සංවර්ධනයේ බොරු වළවල්

ඉන්දීය ජාතික ආර්ථික විශ්ලේෂකයෙක් වන ආචාර්ය ප්‍රභාත් පට්නායික් විසින් සම්පාදිත පහත ලිපිය මේ යුගයේ අධිපතිව පවතින්නා වූ අපනයන-කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනය පිලිබඳ විවේචනයක් ඉදිරිපත් කරයි. අපනයන-කේන්ද්‍රීය ආර්ථික ලෙස හැදින්විය හැකි රටවල වර්ග දෙකක් හඳුනා ගන්නා හෙතෙම ලංකාව, බංගලාදේශය බඳු රටවල මොඩලය අසාර්ථක වන්නේ ඇයිදැ’යි පැහැදිලි කරයි. 

Read More