(ප්රතිවාද කණ්ඩායම විසින් සැප්තැම්බර් මස 24 වන දා පවත්වන ලද ‘බදු ගෙවන්නේ කවුද? බදු ගෙවිය යුත්තේ කවුද?’ zoom සම්මන්ත්රණයේදී ජාතික ජනබලවේගයේ ප්රතිපත්ති හා විධායක කමිටු සාමාජික, ජ්යෙෂ්ඨ කථිකාචාර්ය ශාන්ත ජයරත්න විසින් සිදු කළ අදහස් දැක්වීම.)
අද වෙනකොට ලංකාව ඉන්න තත්ත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැහැ. IMF එක අපිට කොන්දේසියක් දාලා තියෙනවා රජයේ ආදායම වැඩි කර ගන්න කියලා.රජයේ ආදායම වැඩි කර ගන්න නම් රජයට කරන්න පුලුවන් එක දෙයක් තමයි බදු සශෝධනය කිරීම.
මේ වෙනකොට රජය බදු සශෝධනය කරලා තියෙනවා.ඒ වගේම අපිට, ඒ කියන්නෙ වක්‍ර බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්ට එහි ආදීනව ලැබෙමින් පවතිනවා.
මෙම අර්බුදය ඇති වෙන්න හේතු වුණේ 2019 ගෝඨාභය ආණ්ඩුව ගෙන ආ බදු සංශෝධන එක්ක රජයේ ආදායම අඩු වීමට පටන් ගැනීම. උදාහරණයක් විදිහට VAT බදු 15% සිට 8% දක්වා අඩු වුණා. ඒ වගේම තිබුණු බදු ගොනු 20000ක්, උපයන බදු ගොනු ලක්ෂ 11 ක් හා බදු දැලේ තිබ්බ බදු ගොනු ඉවත් වුණා.ඒ වගේම ජාතිය ගොඩනැගීමේ හා ආර්ථික සේවා බදු අහෝසි වුණා. පුද්ගල ආදායම් බදු මිලියන 30 දක්වා ඉහළ ගියා. මෙහි ප්‍රතිඵලයක් විදිහට රජයේ බදු ආදායම බිලියන 600කින් රජයට අහිමි වුණා.
2021 වෙද්දි මේ තර්ජනය තවත් වැඩි වෙලා තියෙනවා.2019 දී බිලියන 1025ක් බදු එකතු කරලා වාර්තාගත ආදායමක් ගත්තා. 2020-2021 දී රජය කිසිම විශ්ලේෂණයකින් තොරව ගත් ක්‍රියාමාර්ග නිසාආදායම් බදු අහිමි වීමෙන් බිලියන 1700ක ප්‍රමාණයක් රාජ්‍ය ආදායමෙන් ගිලිහුණා.එහි ප්‍රතිඵලයක් විදිහට අද වන විට අයවැය පරතරය විශාල අර්බුදයකට ලක්වෙලා තියෙනවා.
රජය කරන තවත් දෙයක් තමයි ඔවුන්ට ආධාර උපකාර කරන පුද්ගලයන් කේන්ද්‍ර කර ගෙන බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම.පසුගිය කාලයේ එවැනි කැසිනෝ ව්‍යාපාරයකින් මිලියන 560ක් බදු කපා හැරියා.තවත් ව්‍යාපාරිකයෙක්ගේ කැසිනෝ හල් දෙකකින් මිලියන 760 බැගින් දෙකක් කපා හැරලා තියෙනවා.
මිනිස්සු හිතනවා බදු ගන්න එක හොඳයි කියලා. ඒ වුණත් රාජ්‍ය අනුග්‍රහය ඇතිව මූල්‍ය ප්‍රතිත්තිය වෙනස් කිරීම තුළ රටට ලැබිය යුතු ආදායම විශාල ලෙස ගිලිහිලා තියෙනවා.එහි ප්‍රතිඵලයක් විදිහට අද වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් ලංකාවේ බදු එකතු කරන්නේ 7.7% ක් වැනි කුඩා ප්‍රතිශතයක්.සංවර්ධනය වෙමින් පවතින අනෙක් රටවල්වල එය 25%ක් පමණ.මෙම කලාපයේ එය අඩුම අගයක් ගන්නේ ශ්‍රී ලංකාව.
මේ තත්ත්වය යටතේ IMF අපිට රාජ්‍ය ආදායම වැඩි කරන්න කියලා කියනවා.එහි ප්‍රතිඵලයක් විදිහට VAT බද්ද 15% දක්වා වැඩි කරලා තියෙනවා. ඒ වගේම සමාජ ආරක්ෂණ බද්ද ලෙසින් අලුත් බද්දක් පිරිවැටුමට හඳුන්වා දීලා තියෙනවා. මේ බද්ද 2.5%ක් වන වක්‍ර බද්දක්.එය වැට් බද්දට එකතු වෙනවා. යම් ආයතනයක් සතුව කර්මාන්ත ශාලා තුනක් පවතිනවා නම් එය බදු තුනක් ලෙස VAT බද්දට එකතු වෙනවා. එය දරන්න වෙන්නෙත් පාරිභෝගිකයන්ටමයි.
ඒ වගේම 11.25%ක්ව තිබුණු විදුලි සංදේශ බද්ද 15% දක්වා වැඩි කරලා තියෙනවා.ආනයන භාණ්ඩවලට අය කරන බදුත් වැඩි කරලා තියෙනවා.සමහර භාණ්ඩ සඳහා සීමා පැමිණවීම කළ යුතු වුණත්, බදු වැඩි කිරීමෙන් ආනයනික භාණ්ඩ ආශ්‍රිත කර්මාන්ත මේ වන විට අර්බුදයකට ලක් වෙලා තියෙනවා.
IMF අනුව ලංකාවේ ආර්ථිකය 8.5%,කින් හැකිලිලා තියෙනවා.මෙය ඉදිරියේදී තවත් හැකිලෙන්න පුලුවන්.බදු ගෙවීම් කළත්,බදු වැඩි කළත් මිනිස්සු භාණ්ඩ මිලදී ගන්නේ නැත්නම් මුලු නිෂ්පාදන ක්‍රියාවලියම ඇණ හිටිනවා.ඉන් සිදු වන්නේ රජයේ බදු ආදායම් ඉලක්ක සම්පූර්ණය කර ගන්න නොහැකි වීමයි. මේ වන විට රුපියල් සහ ඩොලර් අර්බුදයක පවතින්නෙ. ඉතින් රජයේ අපේක්ෂිත බදු ආදායම ලැබෙන්නේ නැහැ.
2021 සෘජු බදු එකතු කරලා තියෙන්නෙ 16%ක්. වක්‍ර බදු 84%. ඇති හැකි අය කුඩා ප්‍රමාණයක් බදු ගෙවන විට සාමාන්‍ය ජනතාව විශාලව බදු ගෙවනවා. මින් සිදුවන්නේ පාලකයන් හා පැලැන්තියක් පමණක් ගජමිතුරුවාදීන් ලෙස සැපසේ ජීවත් වීමයි.
රජයේ ප්‍රධාන බදු එකතු කරන ආයතන වන ශ්‍රී ලංකා රේගුව, ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව REMIS system හරහා විධිමත්ව කළ යුතුයි. මෙය දැනටත් තිබෙන නමුත් නිසියාකාරව ක්‍රියාත්මක වන්නේ නෑ. මෙම ආයතන තුන එකතු කර ගෙන මෙය කළ හැකියි.
80%ක් වන වක්‍ර බද්ද 60%ක් ලෙසත්, 20%ක් වන සෘජු බද්ද 40% ක් ලෙස පළමු වසර පහ තුළ අපි වෙනස් කරන්න බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ බදු ගොනු ලක්ෂයක් තියෙනවා. නමුත් බදු ගෙවන ගොනු තියෙන්නෙ 30000 යි. VAT ලියාපදිංචි සමාගම් 61000ක් තියෙනවා. නමුත් බදු ගෙවන්නෙ සමාගම් 185යි. බදු ප්‍රතිපත්ති වෙනස් කිරීම නිසා මෙම ප්‍රමාණ අඩු වැඩි වුණා. ජාතික ජනබලවේගය යටතේ මෙම බදු එකතු කිරීමේ යාන්ත්‍රණය ශක්තිමත් කරන්න බලාපොරොත්තු වෙනවා.
බදු එකතු කිරීමේ ආයතන දූෂිතයි. විශාල වශයෙන් දූෂණ වංචා සිදු වෙනවා. ගෙවන බදු පිළිබඳ දැනගැනීම අයිතියක්
බදු එකතු කිරීමේ ආයතන දූෂිතයි. විශාල වශයෙන් දූෂණ වංචා සිදු වෙනවා. ජාතික ජනබලවේගය යටතේ රාජ්‍ය ක්‍රියාවලියම සඳහා IT system එකක් හඳුන්වා දෙනවා. බදු ගෙවන අයට තමන් බදු ගෙව්වේ මොන අංශවලටද කියලා වෙන වෙනම ප්‍රතිශතයක් ලෙස දැන ගැනීමට එය භාවිතා කළ හැකියි.
එකවර තම ජීවන රටාව වෙනස් කරන අය හඳුනා ගැනීමට, ඔවුන්ට මුදල් ලැබෙන ආකාරය සොයා බැලීමට මෙම ක්‍රමය භාවිත කළ හැකියි. මෙය අප්‍රිකානු රටවල අත්හදා බලන ක්‍රමයක්. මෙම තොරතුරු දැනුම් දෙන පුද්ගලයන්ගේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. මෙම කටයුතු සඳහා වෙනම පොලිසි, උසාවි හා ආයතන නිර්මාණය කළ යුතුයි. ඒ සඳහා ආදායම් බදු නියාමන අධිකාරි ස්ථාපිත කරන්න පුලුවන්.
රැකියා කරන පුද්ගලයන්ට අංකයක් ලබාදීමෙන් ඔහුගේ ගනුදෙනු සියල්ල අධීක්ෂණය වේ. සියල්ල විනිවිදභාවයකින් කළ හැකියි.
මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳව විශාල ප්‍රශ්න රාශියක් තියෙනවා. මහබැංකුව ස්වාධීන ආයතනයක් විය යුතුයි. දේශපාලන පත්වීම් ලබන ආයතනයක් නොවිය යුතුයි. අපේ රජයක් තුළ අප උත්සාහ කරන්නේ එය යි.
Comments (0)